පුටින්ගේ තීරණයකින් ලෝක වෙළඳපොල තත්වයට බලපෑමක්

0
513

නැගෙනහිර යුක්රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළ තත්ත්වයට බලපෑමක් එල්ල වී ඇති විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මෙම සිද්ධියත් සමඟ ගෝලීය වශයෙන් කොටස් වෙළඳපොළ කඩා වැටීමට ලක්වී ඇති අතර ලෝක ඛනිජ තෙල් මිල ද අනිවාර්යෙන් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර යුක්රේනයේ ප්‍රදේශ දෙකක් නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එහි හමුදා කඳවුරු පිහිටුවීමට රුසියාවට බලය පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම රුසියාවේ මෙම ක්‍රියාව ලෝක නායකයින් රැසක් හෙළා දැක තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here