Sunday, September 22, 2024

පුටින්ගේ න්‍යෂ්ටික අවි සීරැවෙන් තැබීමට යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටිං විසින් න්‍යෂ්ටික අවි සීරුවෙන් තැබීමට කල නියෝගයට ප්‍රතිචාර වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට යුරෝපා සංගමය තීරණය කළේය. ඒ අනුව රුසියාවට අයත්, රුසියාවේ ලියාපදිංචි හෝ රුසියානු පාලනය යටතේ පවතින ගුවන් යානා යුරෝපා සංගමයට අයත් රටවලට ගොඩබෑම හෝ එම රටවලට අයත් ගුවන් කළාප භාවිතා කිරීම සංගමය විසින් තහනම් කරන ලදි.

එක්සත් රාජධානියද පසුගියදා රුසියානු ගුවන් යානා සඳහා ගුවන් ගමන් තහනමක් පැනවූ අතර ඊට ප්‍රතිචාර ලෙස රුසියාවද බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් ගුවන් යානා එරටට ගොඩබෑම තහනම් කරන ලදී. යුරෝපා සංගමය පවසන්නේ මෙම ගුවන් ගමන් තහනම අවම වශයෙන් මාස තුනක්වත් බලපැවැත්වෙනු ඇති බවයි.
රුසියානු ආක්‍රමණයෙන් පසුව සියළුම මගී ගුවන් සමාගම් යුක්රේනය, මෝල්ඩෝවා සහ බෙලරූස් රටවලට අයත් ගුවන් කලාප මඟහරිමින් පියාසර කිරීමට උත්සාහ ගනිමින් සිටිති. යුරෝපා ගුවන් තහනම හේතුවෙන් රුසියානු ගුවන් යානා යුරෝපා ගුවන් කලාපය මඟහරිමින් පියාසර කල යුතු අතර ඒ හේතුවෙන් රුසියානු ගුවන් ගමන් සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles