Sunday, September 22, 2024

පුටින්ගේ සහය ලංකාවට

ශී‍්‍ර ලංකාව තුළ අද  සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටුවන බව ප‍්‍රකාශ කරන රුසියා ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය  ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවට ජනපති හමුවේ සහතික වෙයි.

බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියා ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණු  අතර එහිදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් රුසියානු ජනාධිපතිවරයා ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමීය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව  හමුවේ රුසියාව ශී‍්‍ර ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එම මිත‍්‍රශීලි සබ`දතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles