Monday, September 23, 2024

පුද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් හදන්න කම්කරු ඇමති ලෝක බැංකුවෙි සහාය පතයි

පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශවල සේවය කරන සේවකයින් සඳහා සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට ලෝක බැංකුවේ සහාය ලබාදෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සමග කළ සාකච්ඡාවකදී ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇතත් තරුණ තරුණියන් ඒ සඳහා උනන්දුවක් නොදක්වන බව අමාත්‍යවරයා පෙන්වා එහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය අංශයේ රැකියා සඳහා ශක්තිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති බැවින් තරුණ පිරිස් රාජ්‍ය සේවයට සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ඇමතිවරයා කීවේය.

“වසංගත සමයේ රාජ්‍ය අංශයේ සේවකයන්ට අඛණ්ඩ වැටුපක් ලැබුණු නමුත් පෞද්ගලික අංශයේ සේවකයන්ට එවැනි ආරක්ෂාවක් ලැබුණේ නැහැ,” ඔහු පැවසීය.

ඒ අනුව පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ සියලුම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ශක්තිමත් විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles