Sunday, September 22, 2024

පුද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළට…

පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමේ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ(11) පැවතී කැබිනට් මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත වූ අතර ඒ අනුව එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්‌ විශ්‍රාම් ගැන්වීමේ දැනට පවතින අවම වයස්‌ සිමාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක්‌ සකස්‌ කෙරෙනු ඇත. මෙම පනත සංශෝධනය සඳහා 2021 මාර්තු මස 8 දින පෑවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, සකස්‌ කරන ලද මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්‌ පත්‌ කර ඇති ඇඟලුම්‌ කර්මාන්ත භා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේ කම්ටුවේදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ඇතිව තවදුරටත් සාකච්ඡා කර ඇත.

එම කමිටුවේදී එළඹි එකඟතාව පරිදි මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්චා දීර්ඝ කෙරේ.

පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 58 හෝ ඊට වැඩි සේවකයින්‌ ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක්‌ යටතේ උපරිම වශයෙන්‌ වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත්‌ හැකි වන පරිදි විධිවිධාන ඇතුළත්‌ කෙරෙනු ඇත.

කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සම්පාදනය කරනු ලැබ ඇති පෞද්ගලික අංශයේ සේවකයන්‌ විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles