පුද්ගලික රෝහල් වැසිකිලියෙන් හමුවූයේ කාල බෝම්බයක්

0
327

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියකින් හමුවූ අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පුපුරා යාමට සකස්කර තිබූවක් බව හෙළිවී තිබේ.බෝමිබය මෙිවන විට නිෂ්ක්‍රීය කර ඇත.

අත්බෝම්බයක් පුපුරා යන්නේ එහි පින් එක ගලවා දැමීමෙන් පසු අගුල් ඉවත්කිරීමෙන් පසුවය. රෝහලේදී වැසිකිලියෙන් හමුවූ බෝම්බයේද පින් එක ගලවා අගුල වටා නූලක් ඇද තිබේ. ඒ එක්කම මදුරු කොයිල් ඇටවුමක් බෝම්බයට සවිකර තිබී ඇත. මදුරු කොයිල් එක දැල්වා තිබි ඇතිි අතර එය අවසානයේදී මදුරු කොයිල් දැල්ලෙන් බෝම්බයේ අගුල සිරකර ගැටගසා ඇති නූල දැල්වෙනු ඇත. එවිට අගුල මුදා හැරීමෙන් බෝම්බය පුපුරායනු ඇතැයි විමර්ශනයේදී පෙනී⁣ගොස් තිබේ.

මෙවැනි දෙයක් පුපුරන දුව්‍ය සම්බන්ධයෙන් පලපුරුද්දක් නනොමැති අයෙකුට කල නොහැක් බව පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥයෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here