Wednesday, September 25, 2024

පුද්ගලික සේවකයින්ගේ විශ්‍රාම යන වයස 60 දක්වා වැඩි කිරීම පාර්ලිමේන්තුවේදී සම්මතයි

සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස සම්බන්ධ පනත් කෙටුම්පත ඊයේ දින
පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

දැනට 55 ක් වන විශ්‍රාම වයස 60 ක් වුව ද සේවකයන්ට තම අවශ්‍යතාව අනුව වයස
55 දී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

පැවති අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට 2021.03.23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles