පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ අදාළ සංශෝධන මේවනවිට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බෞද්ධ උපදේශක කමිටුවට ඉදිරිපත් කර ඇති බවයි.