Sunday, September 22, 2024

පුරාවිද්‍යා පුරප්පාඩු කඩිනමින් පිරවීමට ජනපති උපදෙස්දෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පවතින බාධා ඉවත්කර ඒවා විධිමත් කරගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඊයේ (24දා) පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේ පැවති තවත් විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමටද ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් දුන් අතර, එම කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බලා තිබේ.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගනිමින් ඒවායේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර, පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ගිවි පැවිදි පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles