Friday, September 27, 2024

පුරාවිදු සිළුමිණ දැයෙන් නික්මෙති….

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධව මෙන්ම ආසියාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගල සූරීහූ අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විය එතුමෝ අසූ හැවිරිදි වියෙහි පසු වූහ.

මෙරට විසූ කීර්තිමත් පඬිරුවනක හා ඉතිහාසඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීමත් පෝල් ඊ පීරිස් දැරණිගල විද්වතාණන්ගේ පුත්‍ර රත්නය මෙන්ම වත්මන් එක්නැලිගොඩ වලව්වේ හිමිකාරත්වය දරණ එතුමෝ මෙම ප්‍රාග් ඓතිහාසික විෂය ක්ෂේත්‍රය පිළිබඳ ලොව වෙසෙන ඉහළම විද්වතකු ලෙස සැලකේ.

සිරාන් උපේන්දු දැරණියගල 1942 දී රත්නපුර දී උපත ලැබී ය. ඒ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයෙකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙස ය. ඔහුගේ මව ප්‍රීනි මොලමුරේ වූවා ය. මුත්තණුවන් වූයේ ශ්‍රීමත් දැරණියගල පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනයන් ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම කේම්බ්‍රිජ් ත්‍රිත්ව විදුහලෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. ඒ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂයයන්ගෙනි. ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම පුරාවිද්‍යා විෂයේ සෑම අංශයක ම දක්ෂතා පෙන් වූ හොදම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය.

1968 වසරේ දී ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේ ය. 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රථම වරට ඔහු විසින් කැනීමට ලක් විය. ඉන්පසු අදින් වසර 130 000ක් පැරණි ඉරණමඩු පාංශු සංගතිය යනුවෙන් හැදින්වෙන නැඟෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු විය. එම ගවේෂණයේන් ලබාගත් දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය උදෙසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ද හෙතෙම සමත් විය. ඒ 1998 දී ය. The Pre – History of Sri Lankan – vol – i – ii – 1992 එතුමා රචිත විශිෂ්ට කෘතියකි.

1992 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ සිරාන් දැරණියගල 2001 දක්වා ඒ තනතුරේ කටයුතු කළේ ය.

එතුමන් පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය තවත් ශතවර්ෂයකට වත් ආවරණය කළ නොහැකි මට්ටමේ සේවයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles