Sunday, December 22, 2024

පුළුල් සන්ධානයක් ගොඩනගන්න ශ්‍රීලනිපයෙන් යෝජනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණද එක් කොට පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප පාර්ශ්වයෙන් ඉදිරිපත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය නොකරන බැවින්,ඔවුන්ද සන්ධානයට එක්කර ගැනීමේ අරමුණෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂ යෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන දේශපාලන පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ නොවන බැවින් ඔවුන්ද මෙම සන්ධානයට එක් කරගත යුතුයැයි ශ්‍රීලනිප පාර්ශවයේ යෝජනාව වී ඇති බව වාර්තා වේ.

මේ අතර ,එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගෙනයා යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ද සාකච්ඡා වී ඇත.

Lankadeepa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles