පුළුල් සන්ධානයක් ගොඩනැගීම උදෙසා විපක්ෂ නායකවරයාගෙන් විශේෂ කමිටුවක්

0
422

පුළුල් පොදු සන්ධානගත වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා විපක්ෂ නායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගැනීම උදෙසා වඩාත් ප්‍රායෝගික, සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය සැලකිල්ලට ගෙනයි එම තීරණය ගෙන ඇත.

සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්ධ කොටගත් පුළුල් බලවේගයක් ගොඩනැගීමට ඒ හරහා තීන්දුකර තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම කටයුත්ත සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පස්දෙනෙකුගෙන් යුක්ත විශේෂ කමිටුවක් පත්කොට තිබෙනවා.

තිස්ස අත්තනායක – කබීර් හෂීම් – තලතා අතුකෝරාල සහ එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ද ඊට අන්තර්ගතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here