පූනේ රන් මිනිසා ඝාතනය කෙරේ.

0
463

පූනේරන් මිනිසා නමින් ප‍්‍රකටව සිටි දත්තා ෆුගේ නමැති ව්‍යාපාරිකයා ඝාතනය කර තිබෙනවා. 48 හැවිරිදි ඔහු සිය 22 හැවිරිදි පුත‍්‍රයා ඉදිරිපිටදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

උපන් දින සාදයක් සඳහා යමින් සිටියදී ඝාතකයන් ඔහු මෝටර් රථයෙන් ඉවතට ගෙන පහරදී තිබෙනවා. කැරට් 22 රනින් නිර්මාණය කළ කමීසයක් සහ තවත් කිලෝග‍්‍රෑම් ගණනක රන් ආභරණ පළදින ඔහු පූනේ නගරයේ ප‍්‍රකටව සිටි පුද්ගලයෙක් වනවා. කිලෝග‍්‍රැම් තුනකට වැඩි බරැති ඔහුගේ කමීසයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් පමණ වන බවයි වාර්තා වන්නේ. රන් කරුවන් 15 දෙනෙකු එය නිර්මාණයට දායක වී තිබීමත් විශේෂත්වයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here