ඇමරිකාවෙි පූසන් සහ බල්ලන්ට කොවිඩි ප්‍රභේදයක් වැළඳී ඇති බව සොයා ගැනේ

0
342

ඇමෙරිකාවේ බල්ලන් සහ බළලුන්ට ‘කොවිඩ් 19 ඇල්ෆා විකෘතිය’ ආසාදනය වී ඇතැයි එරට පශු වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ට, තම හාම්පුතුගෙන් ‘කොවිඩ් 19 වයිරසය බෝ වන බව තහවුරු වූයේ ‘කෝවිඩ් 19’ ව්‍යාප්තියේ ආරම්භයත් සමගය.

ඊට අමතරව ලොව පුරා සත්වෝද්‍යාන රැසක සිංහයන්, ව්‍යාඝ්‍රයන්, ගෝරිල්ලන් ඇතුළු ක්ෂීරපායී සතුන් රැසක් ද ‘කොවිඩ් 19ආසාදිතයන් බවට පත් වූ බව වාර්තා විය. කෙසේ නමුත් ‘කොවිඩ් 19 ඇල්ෆා’ විකෘතිය බල්ලන් සහ බළලුන්ගේ සිරුරුවලින් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් “වෙට්‍රනරි රෙකෝඩ්ස්’ වෛද්‍ය ආයතනය පැහැදිලි කර ඇත.

ඇමෙරිකාවේ සුරතල් සතුන් අතරේ ‘කෝවිඩ් 19′ ව්‍යාප්තිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන්නේ මෙම වෙට්‍රනරි රෙකෝඩ්ස් වෛද්‍ය ආයතනයයි. ‘ඇල්ෆා’ විකෘතිය නිල වශයෙන් හැඳින්වෙන්නේ බී.1.1.7 යනුවෙනි.

මෙය පළමුවෙන් හමුවුයේ එංගලන්තයේ කෙන්ට් පළාතෙනි. එහෙයින් මෙම විකෘතිය ‘කෙන්ට් විකෘතිය’ ලෙසත් ‘එංගලන්ත විකෘතිය’ ලෙසත් මුලින් නම් කෙරුණි.

තාමත් වේගයෙන් ව්‍යාප්තවන ඉතාමත් බිහිසුණු ‘කොවිඩ් 19′ ප්‍රභේදයක් ලෙස මෙම ‘ඇල්ෆා’ ප්‍රභේදය පිළිගැනුණ ද අද වනවිට ඇල්ෆා’ බිහිසුණු ප්‍රභේදයක් ලෙසත් පිළිගැනෙන්නේ නැත. ඊට හේතුව ‘ඇල්ෆා’ විකෘතියට වඩා බිහිසුණු ‘ඩෙල්ටා’, ‘ඩෙල්ටා ප්ලස්” ආදී විකෘති නිර්මාණය වී ඇති බැවිනි.

උපුටා ගැනීම – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here