පෙබරවාරි මසයේ උද්ධමනය ඉහළ යයි

0
721

uddamanaපෙබරවාරි  මසයේ මෙරට උද්ධමනය සියයට 3.3 දක්වා ඉහළ ගොස් තිබේ.

 පසුගිය ජනවාරි මාසයේ පැවැති උද්ධමනය සියයට 3.0 ක් විය. ඒ අනුව පෙබරවාරි මස තුළ ඊට පෙර මාසයට වඩා දශම තුනකින් ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

 කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.

 ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බව මහ බැංකුව කියයි.

 මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවැති සියයට 6.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 7.9 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවැති සියයට 1.4හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.3 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here