Thursday, January 16, 2025

පෙබරවාරි මස 14 දිනට රුක්රෝපණ වැඩ සටහනක්

පෙබරවාරි මස 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එකතු කරමින් ආදරයට පැළයක් තේමාව යටතේ රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මෙම රුක්රෝපණ වැඩසටහන පරිසර අමාත්‍යාංශය, පාදුක්ක හරිත සරසවිය නැතහොත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල මණ්ඩපය හා ශ්‍රී ලංකා සංවර්ධන පදනම  ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

පසුගිය වසරේ දී ද පරිසර අමාත්‍යාංශය විසින් ආදරවන්තයින්ගේ දිනයේ දී  ආදරයට පැළයක්  රුක් රෝපණ වැඩ සටහන ආරම්භ කළේය. ඒ අනුව මී පැළ 50,000ක් රෝපණය කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.මෙම වසරේ දී ද එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දුන් අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පෙබරවාරි මස 14 දින පෙරවරු 09.00ට මෙම  රුක්රෝපණ වැඩ පිළිවෙළ ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා තාක්ෂණික සරසවියේ හරිත බලකාය හා ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධන ආයතනය ද එක්ව පැළ රෝපණය කරන අතර ඒ අවට පදිංචි පවුල් 50කට පලතුරු පැළ බෙදා දීම ද මීට සමගාමීව සිදු කෙරේ. මීට අමතරව කැලණි ගඟට ජලය සපයන ප්‍රධාන අතුගංගාවක් වන පුස්සැලි ඔය අවට බරාව තෙත්බිම සංවේදී පරිසර කලාපයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව ඇතුළත් පාරිසරික අධ්‍යයන වාර්තාව පරිසර අමාත්‍යවරයාට බාර දීම ද සිදු කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles