Tuesday, September 24, 2024

පෙම්වතා තමා දූෂණය කළ බවට පැමිණිලි කළ තරුණියට සිදු වූ දේ

පෙම්වතා විසින් තමා දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක් කළ තරුණියකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නොච්චියාගම පොලිසිය පවසයි.

මෙම තරුණිය සිය පෙම්වතා විසින් දූෂණය වූ බව පසුගිය දා නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ පෙම්වතා ගෙන්වා ප්‍රශ්න කිරීමේ දී තමන් එසේ නොකළ බව ඔහු පොලිසියට පවසා ඇත.

අනතුරු ව පොලිසිය විසින් තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජන කර තිබේ. වෛද්‍ය පරීක්ෂණයට අනුව එවැන්නක් සිදු වී නොමැති බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ.

පසුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තරුණිය පවසා ඇත්තේ තම පෙම්වතා වෙනත් තරුණියක් සමග සම්බන්ධතාවක් ඇති බව ආරංචිවීම නිසා පෙම්වතා විවාහ කර ගැනීමේ අරමුණින් මෙසේ බොරු පැමිණිල්ලක් කළ බවයි.

පොලිසියේ අවවාද මත මේ වනවිට එම පෙම්වතා තරුණිය සමග විවාහවීමට තීරණය කර තිබේ.

එසේ වුව ද තරුණිය විසින් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ බොරු පැමිණිල්ලක් කිරීම බරපතළ වරදක් බැවින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles