පෙරහරේ අලි ගැටලුවට ජනපතිගෙන් විසඳුම්

0
384

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවෙන් පසු පෙරහර සඳහා අලි ඇතුන් ලබා ගැනීම පිළිබඳ කලක් පැවැති ගැටලුව විසඳා ගැනීමට හැකි වූ බවත් එම නිසා මෙවර ඇසළ පෙරහර අලි ඇතුන්ගේ ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකි වනු ඇති බවත් දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිළුමිණට කීය.

මේ වන විට හීලෑ අලි ඇතුන් සිටින්නේ 105 දෙනකු පමණක් බවත් එයින් පෙරහර සඳහා සහභාගි කර ගත හැක්කේ 74 දෙනකු පමණක් බවත් පවසන දියවඩන නිලමේවරයා කෙටි කාලීන විසැඳුමක් ලෙසින් පින්නවලින් සහ හීලෑ අලි ඇතුන් හිමි අයගෙන් අලි ඇතුන් ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කෙරෙනු ඇතැයිද කීය.

එසේම මේ ගැටලුවට දීර්ඝ කාලීන විසැඳුමක් ලෙස පෙරහර සඳහා හීලෑ අලි ඇතුන් ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උ‍පදෙස් ලබා දුන් බවද දියවඩන නිලමේවරයා පෙන්වා දුන්නේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here