Tuesday, September 24, 2024

පෙරළිකාර vivo Y19 දැන් ශ්‍රී ලංකාවේ

ලෝකයේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කර පසුගිය නොවැම්බර් 06 වන දිනට වසර දෙකක් සම්පූර්ණ විය ඉතා කෙටි කාලයක් තුළ මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ vivo සිය කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන Y19  පසුගිය නොවැම්බර් 25 දින ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

මෙම නවතම ස්මාර්ට්ෆෝනය  5000 mAh බැටරියකින් සමන්විත වන නිසා  උපරිම බැටරි ආයු කාලයකින් සමන්විත වන අතර  18W Dual Engine අරෝපණය කිරීමේ  පහසුකම නිසා ඉතා ඉක්මනින් ආරෝපණය කර ගැනීමේ හැකියාව සහිත වෙයි. එමෙන්ම විප්ලවීය AI ත්‍රිත්ව කැමරාවලින්ද  මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.  මෙම ත්‍රිත්ව කැමරා  16MP, 8MP සහ 2MP ආදී වශයෙන් වන නිසා එදිනෙදා ජීවිතයේ  තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයේ ඡායාරූපයක් සුපැහැදිලිව සහ විචිත්‍රවත් ලෙස ලබාගැනීමේ පහසුකම සහිතව   මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ.

Magnetic Black සහ Spring White යන වර්ණ වලින් vivo Y19 වෙළඳ පළට හඳුන්වා දී ඇති අතර  පාරිසරික තත්වයන්ට ඔරොත්තු දෙන කල් පවතින නිමාවක් ද සහිතව මෙම ස්මාර්ට්ෆෝනය වෙළඳ පලට එයි. අතෙහි රඳවා ගැනීමේ පහසුව උපරිම වන ආකාරයට නිමවා ඇති Y19 ස්මාර්ට්ෆෝනය 16.58cm(6.53)FHD+ Halo FullView™ තිරයක් සහිත වීම නිසා පරිහරණය කරන්නාට ආකර්ශණීය අත්දැකීමක් තිළිණ කරයි. ඉදිරිපස කැමරාව වඩාත් මනරම් ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමේ පහසුව සදහා ඊට සුදුසුම ස්ථානයක පිහිටුවා තිබීම ද මෙහි ඇති විශේෂතාවකි.  මෙම නවතම vivo Y19 ස්මාර්ට්ෆෝනය   vivo වසරක වගකීමේ සහතිකය සහ මෘදුකාංග සඳහා Lifetime Warranty සමඟ රු 39,990.00 ක මිලකට  2019 නොවැම්බර් 25 දින සිට  මිලදී ගැනීමට හැකියාව ඇත. මෙම ස්මාර්ට්ෆෝනය vivo හි ජාතික බෙදාහරින්නා වන   අබාන්ස් ප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා පිහිටි  vivo බලයලත් නියෝජිතයින්ගෙන් මිලදී ගත හැකිය.

මෙම නවතම ස්මාර්ට්ෆෝනය පිළිබඳව අදහස් දැක්වූ vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑන් මහතා සඳහන් කළේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අතරට අළුතින්ම එක්වන ස්මාර්ට්ෆෝනය  vivo Y19 වන බවයි. නවතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවතම ස්මාර්ට්ෆෝනය බැටරි ධාරිතාව අතින් ඉහළ ස්මාර්ට්ෆෝනයක් බවද හෙ‍ෙතම පෙන්වා දුන්නේය. ඉතා ඉක්මනින් ආරෝපණය වන බැටරිය නිසා අඛණ්ඩ අත්දැකීමක් පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමට මෙම vivo Y19 ස්මාර්ට්ෆෝනයට හැකිවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අනර්ඝතම AI ත්‍රිත්ව කැමරා  පහසුකම් සහ සිත්ගන්නා සුළු නිමාවක් සහිත මෙය ස්මාර්ට්ෆෝන් ක්‍රීඩා ආදිය සඳහාද  වඩා සුදුසු ආකාරයට නිමවා තිබේ.  නිරන්තරයෙන් නවතාක්ෂණය  හඳුන්වා දීමේ  vivo හි වැඩපිළිවෙල සහ  පාරිභෝගික අවශ්‍යතා මැනවින් හදුනාගැනීම තවදුරටත් තහවුරු  කරමින්   මෙම නවතම Y19 ස්මාර්ට්ෆෝනය වෙළද පලට හදුන්වා දෙන බව ද  vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරිවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සන්නාමයක් වූ vivo වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට පාරිභෝගිකයා අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත්වීම පිළිබඳව අදහස් දැක්වූ කෙවින් ජියෑන් මහතා පෙන්වා දුන්නේ නිරන්තරයෙන් පාරිභෝගික සිතැඟියාවන් හදුනාගනිමින් ඔවුන්  අපේක්ෂා කරන ආකාරයේ  නව තාක්ෂණික  විශේෂාංග හඳුන්වා දීම මෙම සාර්ථකත්වයට හේතුව බවයි.

4GM RAM සහ  128GB ROM සහිත vivo Y19 ඉහළ තත්වයේ මතක ධාරිතාවකින් සමන්විත වන අතර  මේ නිසා ක්‍රීඩා සමාජ මාධ්‍ය භාවිතාවවීඩි‍‍යෝ නැරඹිම ආදි කටයුතු කිසිදු අවහිරතාවකින් තොරව කාර්යක්ෂමව සිදුකළ හැකි වෙයි. භාවිත කරන්නන්ට අවශ්‍ය ඡායාරූපවීඩියෝ මෙන්ම ගීත යනාදිය පහසුවෙන් ගබඩා කර තබා ගැනීමට තරම් ප්‍රමාණවත් මතක ධාරිතාවක් සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබේ. ස්මාර්ට්ෆෝන් ක්‍රීඩා සඳහා උනන්දුවක් දක්වන  පිරිසට එම ක්‍රීඩා සඳහාම විශේෂයෙන් සැකසුනු විශේෂතා රැසකින් මෙම නවතම  vivo Y19 ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

5000 mAh ධාරිතාවක් සහිත බැටරියකින්  මෙම  vivo Y19 සමන්විත වන අතර එය අනිකුත් බොහෝ  ස්මාර්ට්ෆෝන් භාවිත කරන්නන් ගේ පොදු  ගැටළුවක් වන   ඉක්මනින් බැටරිය බැස යාමේ තත්වය සඳහා සාර්ථක විසඳුමකි.  මෙම vivo Y19 හි ඇතුළත් බලශක්ති කළමණාකරණ තාක්ෂණය නිසා මෙම ස්මාර්ට්ෆෝනය දීර්ඝ කාලයක් සක්‍රියව තබා ගැනීමේ හැකියාව පවතී.  බැටරිය බැස ගිය පසුව ද 18වේගවත් ආරෝපන තාක්ෂණය යොදාගනිමින් ඉක්මනින් යළි ආරෝපනය කර ගැනීමේ හැකියාව ද සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිමවා තිබේ.

Y19 හි ඇතුළත් අනිකුත් විශේෂතා අතර 16.58cm (6.53) FHD+ Halo FullView™ පුළුල් තිරය අතිශයින් වැදගත් වෙයි.  එම සුවිශේෂි පුළුල් තිරය නිසා තමන් කැමති ක්‍රීඩාවක නිරතවීම සහ වීඩියෝ නැරඹිම නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles