ශ්රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි වාරියපොල ප්රාදේශීය සභාවේ සභාපති ඞී.එම්.ටී.බී දිසානායක ඉදිරිපත් කළ අයවැය දෙවතාවක දී ම පරාජයට පත්ව හේතුවෙන් වහාම කි්රයාත්මකවන පරිදි සභාපති ඞී.එම්.ටී.බී. දිසානායක එම ධූරයෙන් ඉවත් කර තිබේ.
සභාපතිවරයා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් නිකුත් කර තිබේ.
සභාපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් මගින් කල පරීක්ෂණයේ දී සභාපතිවරයා වැරදිකරු බව තහවුරු කර තිබේ.
වාරියපොල ප්රාද්ශීය සභාව සඳහා 2022 වසර වෙනුවෙන් සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය දෙවරක්ම පරාජයට පත්ව තිබුණු අතර එසේ තිබියදීත් ඔහු දිගටම සභාපති තනතුරේ කටයුතු කරගෙන යෑමට උත්සාහ දැරීම නිසා සභාව තුළ දැඩි ගැටුම්කාරී තත්වයක් ද පසුගියදා ඇතිව තිබිණි.