Thursday, January 23, 2025

පොදුරාජ්‍ය මණ්ඩල සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් සක්‍රීයව කැපවනවා – විදේශ ඇමති

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමඟ නිව්යෝර්ක් හිදී පැවති හමුවේදී ජීඑල් පීරිස් මහතා මේ බව තහවුරු කළා. පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවද ඔහු පැවසීය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමඟ නිව්යෝර්ක් හිදී පැවති හමුවේදී ජීඑල් පීරිස් මහතා මේ බව තහවුරු කළා. පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. වාණිජ අධ්‍යාපන වෘත්තීය පුහුණුව හා දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවතින අඛණ්ඩ සමීප සබඳතාව ද පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය මෙහිදී අගය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles