පොදු සමා කාලය අවසන් – කොරියාවෙන් ලංකාවට එන්න

0
871

නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රීලාංකිකයන්ට එරටින් පිටවීමට මාස තුනක පොදු සමා කාලයක් ලබාදී ඇති බැවින් එම පොදු සමාකාලය අවසන් වන ඔක්තෝම්බර් 10 දිනට පෙර ශ‍්‍රී ලංකාවට එන මෙන් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරට නීති විරෝධීව රැදී  සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

2011 වසරේ සිට 2016 දක්වා වූ කාලය තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්  1983 දෙනෙක් දකුණු කොරියාවේ රැදී සිටින බව ද විදේස සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වනවිට ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර රුපියල් ලක්‍ෂ විස්සක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here