Wednesday, December 25, 2024

පොලිස්පතිතුමනි පොලිස් පොඩ්ඩෝ දුකින්

කතරගම ඇසළ  පෙරහැරේ රාජකාරී සදහා පිට පළාත් වලින්  (විශේෂයෙන් ගාල්ල, මාතර) ගොස් සිටින පොලිස් නිළධාරීන්ගෙන් කොටසකට විශේෂ සැලකිලි හා නොමිලයේ ආහාර ආදිය ලැබෙන බවටත්, තවත් කොටසකගෙන් අනිවාර්යයෙන්ම කෑම ගත්තත් නැතත් රු. 315 ක මුදලක් අය කරන බවටත් කතරගම පෙරහැර ආවරණය කිරීමට ගිය පොලිස් නිළධාරීන් මැසිවිලි නගති. එමෙන්ම මේ ගැන උසස් නිළධාරියකුගේ අවධානය යොමුකර පරීක්ෂණණයක් සිදුකර සැමට සමාන අයිතිය යන මූලධර්මය යටතේ සාධාරණයක් ඉටුකරදෙන ලෙස අගමැතිවරයා ඇතුළු උසස් ාපාලිස් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල ප්‍රදේශයෙන් රාජකාරී ආවරණය කිරීම සදහා  ගිය පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු මෙසේ පැවසීය.
කතරගම පෙරහැර රාජකාරී ඇවිත් අපි විදින්නෙ අපා දුකක්. අපි මේ ඩියුටියට එන්නෙ කැමැත්තෙන් නෙවෙයි. කල යුතු නිසා. කාගෙන් හරි ණයට මුදල් ඉල්ලගෙන තමයි එන්නෙ. අපිට දිනකට ලැබෙන්නෙ රු.400 යි. ඉන් රු.315 ක් කෑමට කියල කපා ගන්නවා. අපිට පිටින් කෑම ගන්නත් අවසර නැහැ. එයාල දෙන කෑමම ගන්න ඕන. අපේ නිළධාරීන්ට ඒව කන්න බැහැ.විවිධ රෝග තියෙන අය ඉන්නෙ. කොහොම උනත් එළවළු එම නැහැ.
 පෙරහැර රාජකාරී කරන නිළධාරීන්ට දේවාලය ඉදිරිපිට අභිනවාරාමයෙ ලොකු හාමුදුරුවො කෑම දෙනවා. ඒව ගන්න අපිට ඉඩ දෙන්නෙ නැහැ. ඒව ගන්න අවසර දීල තියෙන්නෙ තංගල්ල පොලිස් බල ප්‍රදේශයෙ අයට විතරයි. ඒ අයගෙන් මුදල් අයකරන්නෙ නැහැ.  අපිටත් එතනින් කන්න පුළුවන්. ඇයි අපිට විතරක් මේ අසාධාරණය. කාගෙ හරි ලොක්කෙකුගෙ බඩ ගෝස්තරේ රකින්න තමයි අපිට මේ දුක විදින්න වෙලා තියෙන්නෙ.අපිට කෑම එපා. මුදල් දෙන්න කියලයි අපි කියන්නෙ.
අපි පත්තර වලටත් මේ ගැන කීවා. තාම පල උනේ නැහැ. අපි කියන්නෙ අගමැතිතුමාගෙ හරි පොලිස් පති තුමාගෙ හරි ක්ණික අවධානය යොමු වෙලා අපිට සහනයක් දෙන්න වගේම ඉදිරියේදීවත් මෙවැනි අසාධාරණයක් අපේ සහෝදර නිළධාරීන්ට නොවෙන්න කටයුතු කර දෙන්න කියලයි අපි කියන්නෙ. යනුවෙන් පැසුවේ ආවේගශිලීවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles