Friday, January 24, 2025

පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් නිලධාරිනියන් 03ක් DIG ධූරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදිය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ සිද්ධියක් බවද පොලිස් මූලස්ථානය පවසයි.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියන් වන N.D සෙනෙවිරත්න, A.R ජයසුන්දර සහ W.J. පද්මිණි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

පොලිසිය නිවේදනය කලේ ඊයේ දිනයේ සිට එම උසස් කිරීම් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොලීසිය සතු නියෝජ්‍ය පොලිස්පතිනියන් සංඛ්‍යාව 04 දක්වා ඉහළ යනු ඇත.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්ත්වයක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles