Friday, January 10, 2025

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසන්න අලුත් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා පොලීසියේ නව පරිපාලන ව්‍යුහය අනුව දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාශය ප්‍රතිව්‍යහගත කිරීම හා ප්‍රදේශීය වශයෙන් පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසඳීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා පොලිස් ඔම්බුස්මන්වරයා ලෙස හඳුන්වනු ලබව අතර පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි පිලිබඳ කටයුතු කිරීම මෙන්ම පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලබන රාජකාරි නියෝග අනුව කටයුතු කිරීම ඔහුගේ රාජකාරි වගකීම හා කාර්යභාරය බව පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කරයි.

එමෙන්ම පළාත් මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විසඳීම සඳහා පළාත් දුක්ගැනවිලි සම්බන්ධීකරන නිලධාරීයෙකුද, ප්‍රාදේශීය හා ක්‍රියාකාරි කොට්ඨාස මට්ටමින් පොලිස් නිලධාරින්ගේ ගැටළු විසඳීම සඳහා කොට්ඨාස දුක්ගැනවිලි සම්බන්ධීකරණ නිලධාරියෙකු මෙන්ම ප්‍රාදේශීයය මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ ගැටළු සන්නිවේදනය සඳහා පොලිස් ස්ථාන දුක් ගැනයිලි සම්බන්ධීකරණ නිලධාරීන් පත් කරෙන බවත් සෑම මසකට වරක් තොරාගත් දිනයක පළාත් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් දුක්ගැනවිලි දිනය පැවැති විය යුතු අතර ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් සෑම සතියකම එක් දිනයක් දුක් ගැනවිලි දිනය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

පොලිස් දුකගැනවිලි කොට්ඨාශය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති අතර පොලිස් මූලස්ථානයේ දුක්ගැනිවිලි විසඳුම් දිනයක් සෑම සතියකම සිකුරාදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් පොලිස් නිලධාරියෙකුගේ දුක්ගැනවිල්ලක් සෘජුවම පොලිස්පතිවරයා වෙත යොමු කරවීම සඳහා පොලිස්පති සහන මැදිරිය මගින් අවස්ථාව සලසා දී ඇති බවත් පොලීසිය නිවේදනයක් මගින් දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles