Saturday, September 21, 2024

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා මාස 6ක් තුළ විභාග නොකළොත් අවලංගුයි

පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය හරියට කරන්නට ගොස් මානව හිමිකම් නඩු පවා වැටී ඇතැයි කී ඇමතිවරයා එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර ඇති නිලධාරීන් ද සිටින බව කී වීරසේකර මහතා 35 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබූ බවද කීවේය.

එම තත්වයට හේතුව යාන්ත්‍රණයේ තිබූ අඩුපාඩුකම් බැවින් අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සමඟ එක්ව ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බවද පැවසීය.

ඒ අනුව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා සති කිහිපයක් තුළ එම ගැටලු විසඳන බව කීය.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles