රැප් ගායක ෆිල්ට් ටී හෙවත් චමත් පෙරේරා ඊයේ පානදුර උතුර පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයක් ආසන්නයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ෆිල්ටි නමැති ගායකයා විසින් අසභ්‍ය වචන භාවිත කරමින්, පරැෂ වචනයෙන් බැන වදිමින් කෑ ගසමින් ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ කර තිබිණි.
සැකකරු විසින් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ මුඛ ආවරණයද ගලවා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර , එහිදී සැකකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකරුට අද අධිකරණය ඇප නියම කර තිබුනා.