මෙතෙක් උසස්වීම් නොලැබු ප්රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන් කඩිනමින් උසස් කිරිමට පොලිස් කොමිසම පියවර ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
මෙම පිරිසට උසස්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන්ට උසස්විම් ලබාදෙන ලෙසට අධිකරණයට විසින් නියෝග කර තිබුණි.
එම නියෝගය අනුව මෙම පොලිස් නිලධාරින්ට ඉතා ඉක්මණින් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව ලේකම් සඳහන් කළේය. lankadeepa