Saturday, September 21, 2024

පොලිසි සීරුවෙන් තැබීමට කිසිවෙක් උපදෙස් දී නෑ

රටේ බරපතල තත්ත්වයක් ඇති බව අඟවමින් බස්නාහිර පළාතේ පොලිසි වල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් පොලිසි සීරුවෙන් තැබීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කිසිදු ඇමැතිවරයෙකු හෝ පොලිස්පතිවරයාට උපදෙස් දී නැතැයි ලංකා ඊ නිවස් වෙත වාර්තා වේ..!

එවැනි කිසිදු බරපතල තත්ත්වයක්ද රටේ ඇති වී නොමැති අතර මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඇතුළත්ව ඇමැතිවරුන් පිරිසක් වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටිති.

බස්නාහිර පළාතේ පොලිසි සීරුවෙන් තැබීම ලොක්කන්ගෙන් ලකුණු දමා ගැනීම සඳහා  බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ   කරන ලද කෝලම් ක්‍රියාවක් පමණි.

ජනතාව අන්ද මන්ද කරවන මෙම විකාර නියෝගය දැන්ම අවලංගු කරන්නැයි ඉහලින් උපදෙස් දී ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles