Monday, September 23, 2024

පොලීසියට නව උසස්වීම් ක්‍රමයක්..

පොලිස් සේවය වෙනුවෙන් නව උසස්වීම් පටිපාටියක් සකස් කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් පටිපාටියේ ඇති අඩුපාඩුද කඩිනමින් නිවැරදි කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පොලිසියට බැඳී සිටින පිරිසගෙන් ඇතැම් විවාහකයින් අතරින් දෙදෙනාම පොලිසියේ සේවය කරන අතර ඔවුන් දෙදෙනාම පිටපළාත්වල සේවය කරන්නට වීම ගැටලුවක් බවත් මෙහිදී පැවසුවා. මේ හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට පවා දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පොලිස් නිලධාරීන්ගේ සේවය වෙනත් වෘත්තීන්ට වඩා විශේෂ බවද පොලිස් නිලධාරීන් සමග ගනුදෙනු කිරීමේදී මහජනතාවද එ් බව තේරුම්ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

පොලිස් සේවයට ආණ්ඩුව කිසිවිටෙකත් දේශපාලන බලපෑම් සිදු නොකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම කරුණු දැක්වූයේ විශ‍්‍රාමික පොලිස් අධිකාරි ඩී.ඒ. කරවිට මහතා විසින් රචිත හතලිස් වසරක පොලිස් දිවියේ මතක සටහන් නම් ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයකදීයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles