Friday, October 18, 2024

පොලීසියට මිනිමරන්න අවසර දුන්නේ කව්ද ?

017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට…

ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්..
එම කාලය තුල එම බංගලාවේ නැතිවු විවිද දේවල් පොලිසියටත් කලින්ම සොරුන් අල්ලා නැතිවු බාන්ට නැවතත් බංගලාවට ලබාදුන් සේවකයෙක්….ගාමිණිගේ ගුනයහපත් චරිතය ගැන ගම් වාසින් සාක්ශි දරයි…

ඔක්ටතා්බර් 2 වන දින අළුයම ගාමිනිව ජීප් රථ දෙකකින් කුදලාගෙන දිවුල පිටිය පොලීසියට ගියේ මහා අපරාද කරුවෙක් කුදලාගෙන යන අයුරින්ය…

පසුදින උදැසන ගාමිනිගේ සහෝදරයන් සහ ගම් වාසින් ගාමිණි බැලීමට දිවුලපිටිය පොලිසියට ගිය අවස්තාවේදි ගාමිණි පොලිස් කුඩුවේ සිටි ඇති අතර ඔහුගේ සුවදුක් බැලීමට ගිය ගම්වාසින්ට ගාමිණි පවසා ඇත්තේ පැය භාගයකට ගාමිනිව එලියට ගන්න එවිට ⁣බඩුයි හොරුයි සොයාගනිමට හැකි බවයි…ගාමිණි එසේ පවසන්නේ ගාමිනි ඔහුගේ ගමේ හතර මායිම් දන්න නිසයි…

දෙවැනි විකල්පය හැටියට ගාමිණි යෝජනා කලේ ගාමිණිගේ ගෙදර ඔහුට අයත් සීඩි යන්ත්‍රය බංගලාවට දී හෝ ඔහුව නිදහස් කරගන්න ලෙසයි…ගාමිණි පොලිස්යට සහ පොලීසියේ වධහිංසාවන්වලට දරුනු ලෙස බිය පුද්ගලයෙක් ඒ බව තහවුරු වන ආකාරයේ කතාන්දර ගම්වාසින් මා හට පැහැදිලි කල අතර ඒ නිසාම ඔහු සමාජයේ සාධාරන ලෙස ජිවත් වුන පුද්ගලයෙකි..

එදින ගාමිණි බලන්න දිවුලපිටිය පොලිසියට ගිය ඥාතින්ට ඉතා නින්දිත ලෙස බැන වදින්නේ දිවුල පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපති වන සමන් ප්‍රියන්තයි….ඔහු පවසන්නේ අපි මේ යුනිෆෝම් ඇන්දෙ අන්නසි වතුවල වැඩ කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි….අද රැට බලා ගන්න පුලුවන් හොරු කවුද කියල කියමින් පිටව ගොස් ඇත…

එදින රාත්‍රියේ මත් පැනින් සප්පායම් වී එම තිරිසන් නිලධාරින් ගාමිනිහට ඉතා කෘාර ලෙස වධහිංසා කර ඇත….
ඒබව තහවුරු උනේ පසුදින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට යාමේදි කලින් දවසේ සමන් නිළධාරියා ගාමිණිට වධහිංසා කල බව සහෝදරයාට පැවසීමෙනි…

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද…ගාමිණිව අධිකරණ වෙවද්‍ය වරයාට ඉදිරිපත් නොකර බන්දණාගාර ගත කර ඇත…

බන්දනාගාරයටද පොලිසියෙන් පහර දුන් බව පැවසූවද බන්දනාගාරයද සාමාන්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇත…

පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත…අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශන කෝශ දෙකටද බරපතල හානි කර ඇති බව පවසා ඇත…

ලංකාවේ කාලකන්නි පොලිසිය දිගින් දිගටම මෙලෙස සිදුකරන නීති විරෝධී ඝාතනයන්ට එරෙහිව කටයුතු නොකලොත් හෙට දවසේ ගාමිනිට සිදුවු දේ අපටද සිදුවිය හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles