Friday, January 10, 2025

පොලීසියෙන් අවවාදයක්

පළාත් අතර සංචරණය සීමා කර ඇති විට අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසයි.

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එවැනි පුද්ගලයින් නීතිවිරෝධි කටයුත්තක් සිදුකරන අය සේ සලකා නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

අද මධ්‍යම රාත්‍රී 12 සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලබන බවත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි පැවසු ඒ මහතා, ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.

මේ අතර පළාත් මායිම්වල සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සේවය ඉටුකිරීමට ජනතාවගේ සහය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සේවා ආයතන සඳහා පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බව ද පැවසීය.

කෙසේනමුත් යම් ප්‍රදේශයක් හුදකලා කර ඇත්නම් එම ප්‍රදේශයේ අයට සම්පුර්ණයෙන් ම සංචරණය තහනම් වන බව ද ඒ මහතා කියා සිටියේය.

හුදකලා කළ ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට රාජකාරි අවශ්‍යතා මත හෝ එම ප්‍රදේශයෙන් පිට නොවන ලෙස දැනුම් දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles