පොලීසියේ දෙදෙනෙකුට පහරදුන් 18 ක් අත්අඩංගුවට

0
321

මොරටුව මාදංගහගත්ත ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනකුට පහරදී බරපතළ තුවාල සිදු කළැයි කියන කාන්තාවන් දස දෙනකු ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.

තුවාල ලද පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලද එක් පොලිස් නිලධාරියකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

ජංගම සංචාරය නිරත පොලිස් ජිප් රථයේ සිටි නිලධාරීන් දෙදෙනා පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා මාදංගහවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here