Monday, December 23, 2024

පොලීසියේ වැඩ ගැන ඇමැති සාගලට ප්‍රශ්නයක්!

තමන්ට පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් සිදුවූ බවත් තමන් එහිදී තැනින් තැනට මාරුවෙමින් සිටි බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (02) පැවැති කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදී ය.

අඩුම තරමේ, තමන්ට ගෙදරට හෝ යෑමට අවස්ථාව නොදී හප්පාගෙන ගිය පුද්ගලයා සෙවීමට නොගොස් තමාව වාහනෙන් බස්සා සිය වාහනය පොලීසියට රැගෙන ගිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තමන්ට එහෙමනම් ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේද යන්න පිළිබඳවද අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

තමන්ට මෙම සිදුවන සිදුවීම් පිළිබඳව විශාල සැකයක් පවතින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇති අතර මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක පරිවාර රථ නුවරඑළිය ප්‍රදේශයේදී ගමන් කිරීමේදීද ප්‍රශ්නයක් ඇතිවූ බව පෙන්වා දුන්නේය.

පොලීසියේ මෙවැනි දුර්වලතා පිළිබඳව උදාහරණ කිහිපයක් පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා ගල්කිස්සේදී සරණාගතයින් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීමේදී පොලීසිය ක්‍රියා කල ආකාරය පිලිබඳවද තමන්ට සතුටුවිය නොහැකි බවත් එමෙන්ම ගාලු කොටුව තුලට මීටර් 3 ට වඩා උස ටොන් 5 ට වඩා බර වාහන ඇතුල්වීමට නොහැකි බවට කැබිනට් අනුමැතියකින් ගැසට් පත්‍රයක් නිකුත්වී ඇති අවස්ථාවක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එය පිළිනොගැනීම පිළිබඳව තමන් විශ්මයට පත්වන බවත්ය.

එම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩකරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියන එක ගැටලුවක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, කොට්ඨාශ බාර පොලිස් නිලධාරී කාර්යාල වලින් අදාළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන්, විවිධ පුද්ගලයින්ගෙන් තීන්ත, කෑම බිම සහ වෙනත් ද්‍රව්‍ය එකතුකරන බවටද තොරතුරු වාර්තාවී ඇතැයිද පොලිසියේ උත්සවයක් හෝ වෙනයම් කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙසත්, ප්‍රදේශයේ සිටින විවිධ පුද්ගලයින් පසුපස ගොස් පොලීසිය අගෞරවයට පත්නොකරන ලෙසත් අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් දැනට කොට්ඨාශ බාර නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසින් පොලිස් ස්ථාන සහ බැරැක්ක පරික්ෂාකිරීම් නියමානුකූලව සිදුවන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවද ඇතැම් නිලධාරීන් පරික්ෂා කිරීම් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ වාඩිවී අදාළ වාර්තා සකසන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles