පොසොන් වෙනුවෙන් LTTE සිරකරුවන් නිදහස් කිරීම ජාත්‍යන්තරය අගයයි…

0
432

ජනාධිපති පොදු සමාව යටතේ LTTE රැඳවියන් 16 දෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය ප්‍රසාදය පළ කරනවා. මෙම රැඳවියන් පිරිස දඬුවම් ලබා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. ඉන් 15 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතර එක් රැඳවියෙකු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිස් පවසන්නේ ත්‍රස්තවාදී පනත යටතේ දඬුවම් ලබාදී සිටි සිරකරුවන් කඩිනමින් නිදහස් කිරීම සාදරයෙන් පිළිගන්නා බවයි.

මින් පෙර යුරෝපා සංගමයේ සම්මත වූ යෝජනා තුළ මෙය සිදුකළ යුතු බවට බලපෑමක් කළ යුතු බව සඳහන්ව තිබුණි. ඒ අනුව හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේ සේකර මහතා ද ඇප මත නිදහස් කිරීමට විධිවිධාන යෙදුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here