Wednesday, January 15, 2025

පොහොට්ටුවෙනුත් පන්නන්න සූදානම් වෙද්දී සුසිල් පුරුදු රස්සාවට බසියි

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සදහන් කොට ඇත්තේ ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පක්ෂ අභ්‍යන්තරයෙන් තමන්ට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් පැමිණ ඇති බවකි.

ඒ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගත යුතු බවද කාරියවසම් මහතා ප්‍රකාශ කොට ඇත.

කෙසේවෙතත් මධ්‍යම කාරක සභාව රැස්වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත.

මෙි අතර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ අනුව ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගැනෙනු ඇති බවට වාර්තා වෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles