පොහොට්ටුවේ ප්‍රදේශීය සභා, අයවැය පරාජයන් ගැන පරීක්ෂණයක් කරන්න පොහොටිටුවෙ මහ ලේකමි සැරසෙයි

0
310

දින තුළක් ඇතුළත දී පොදුජන පෙරමුණ බලය හොබවන පළාත් පාලන ආයතන කිහිපයක ම වාර්ෂික අයවැය පරාජයට පත් වුණා.

මේ පිළිබඳ වහා ම පරීක්ෂණයක් සිදු කර අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඒ බව සඳහන් කළා.

මෙම අයවැය පරාජයන්ට හේතුව සොයා බැලීමේ දි පෙනී යන කරුණක් ලෙස, එම ආයතනවල පවතින අභ්‍යන්තර අර්බුද බව හඳුනාගත හැකියි.

ඇතැම් ප්‍රදේශීය සභාවල සභාපතිවරුන්ගේ අධුරදර්ශී, අත්තනෝමතික හා අවිධිමත් ක්‍රියාදාමයන් මීට හේතු වන බවයි වාර්තා වෙන්නේ.

මෙම සභාපතිවරුන්ගේ හැසිරීම මත පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කිරීමේ දී යම් අකැමැත්තක් පළ කර ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here