පොහොටිටුවෙ රැලිය තිබුනෙ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කියල විශ්වාස කරනවා – කෙහෙළිය

0
263

පසුගියදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති පොදුජන පෙරමුණේ ජන රැළිය පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බව තමන් විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මේ වන විට කොවිඩ් 19 වසංගතයට අදාළ ඇතැම් මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බව ද සඳහන් කරන ඇමැතිවරයා, එන්නත් ලබාගත් ජන ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළයෑම නිසා එවැනි ලිහිල් කිරීමක් කර ඇතැයි ද කියනවා. එසේම කොවිඩ් වෛරසය ආසාදිත දැයි පරීක්ෂා කෙරෙන රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟයක් මතුව ඇද්දැයි කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටින බවයි. එවැනි හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන බව ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here