පොහොටිටු මූලස්ථානයට නව තෙමහල් ගොඩනැගිල්ලක් ? රට යන්න කලින් බැසිල් විවෘත කරලා

0
405

පොහොට්ටු මූලස්ථානයට නව තෙමහල් ගොඩනැගිල්ලක්.. රට යන්න පෙර බැසිල් විවෘත කරලා..

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය නවීකරණකට ලක් කර තිබේ.

එය මහල් තුනකින් සමන්විත නව ගොඩනැගිල්ලක් ඉදිකර තවදුරටත් පුළුල් කර ඇත.

එය විවෘත කිරීම මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබ තිබුණි.

ඒ මහතා විදෙස්ගත වීමට ප්‍රථම මෙම විවෘත කිරීම සිදු කර ඇත්තේ ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති චාම් උත්සවයකදීය.

ඒ සදහා සහභාගී වී තිබුනේ මැති ඇමතිවරුන් සහා සමීප දේශපාලන ක‍්‍රියාකාරීන් ඉතා සීමිත පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here