පොහොර ඉල්ලා විරෝධතා කරන්නේ SJB – JVP ගොවියො සජිත් ඔවුන්ට අරක්කු බත් පැකටි බෙදනවා – ඇමති රෝහිත

0
307

අද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ සමගින් ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණේ ගොවියන් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර වලින් වගා කළ හැකි බව කියන ගොවි මහත්වරුන් ද සිටිනා බවත් ඇමතිවරයා පවසයි.

පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් දේශපාලන පක්ෂ වලට බෙදී සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන ජනතාවට අරක්කු බෝතල්, විරෝධතා පුවරු, බත් පැකට් කොපමන අවශ්‍යදැයි විමසමින් විපක්ෂ නායකවරයා ගම්වලට ගොස් ජනතාව උසි ගන්වමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here