Friday, January 10, 2025

පොහොර ගැසට්ටුව ප්‍රමාදය ගැන මන්ත්‍රී නලින්ගෙන් අදහස

රසායනික පොහොර තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ප්‍රමාද වීමට හේතුව පෞද්ගලික සමාගම් හරහා පොහොර ආනයනය කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළා.

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය හෝ විකිණීම තහනම් කරමින් 2014 වසරේ දෙසැම්බර් 22 වන දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය පසුගිය 22 වන දා  පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් අවලංගු කෙරුණා.

ඒ අනුව ග්ලයිෆොසෙට් වල් නාශකයට අමතරව ප්‍රොපනිල් වල්නාශකය, සඳහා පැන වූ තහනම මෙලෙස ඉවත් කෙරුණු  අතර, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘමිනාශක සඳහා පැනවූ තහනම ද එම ගැසට් නිවේදනයෙන් ඉවත් කර තිබුණා.

කෙසේ වෙතත්, රසායනික පොහොර තහනම් කරමින් යළි ගැසට් නිවේදනයක් මේ මස 26 වන දා නිකුත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා අයවැය විවාදය අතරතුර දී කියා සිටිය ද මේ දක්වා එය නිකුත් කර නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles