පොහොර ගෙන්වීමට රජය මැදිහත් විය යුතුයි ,පුද්ගලික අංශයට පවරන්නේ ආණ්ඩුවට ඩොලර් නැති නිසා – වජිර

0
477

නොමිලේ පොහොර ලබාදෙන බවට පොරොන්දු දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ මුඛයට තල්ලුකර තිබෙනන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

රසායනික පොහොර ගෙන්වීම පුද්ගලික අංශය මත පැටවීම බරපතළ ඛේදවාචකයක් බව පෙන්වාදුන් වජිර අබේවර්ධන මහතා, රජය මැදිහත්වී වහාම රසායනික පොහොර ගෙන්වීමට පියවර ගතයුතු බව අවධාරණය කළේය.

රසායනික පොහොර ගෙන්වීමට රජය ගෙන ඇති තීරණය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධව අද (25) මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here