පොහොර නැවට සල්ලි ගෙවන්න බැරි අධිකරණ නියෝගය නිසා

0
284

මහජන බැංකුව චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛන ගත කිරීම පිළිබඳ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් පළ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ චීන සමාගම වෙනුවෙන් නිකුත් කර ඇති ණයවර ලිපියට මුදල් ගෙවීමට මහජන බැංකුවට නොහැකි වී ඇත්තේ අධිකරණය විසින් ගෙවීම් අත්හිටුවමින් නිකුත් කර ඇති වාරණ නියෝගය නිසා බවයි.

එසේ නොවන්නේ නම් මුදල් ගෙවීමේ ගැටලුවක් නොමැති බවද පවසන කබ්රාල් මහතා මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් කළේය.

චීන සමාගමක් විසින් මෙරටට පොහොර ගෙන්වීමෙන් පසු ඒ සඳහා අදාළ ණයවර ලිපියට අදාල මුදල් ගෙවීම පැහැර හැරයේ යැයි චීන තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව ඔවුන්ගේ අසාදු ලේඛණයට ඇතුලත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here