පොහොර නැව පිටුපස්සේ ඉන්නේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක් – පාඨලී

0
308

වසංගතය, රටට ආහාර ගෙන්වීම, ඖෂධ ගෙන්වීම ඇතුලු සියලුම ක්‍රියාවන් ජාවාරමක් කරගෙන ඇතැයිද දැන්වන විට පොහොර ගෙන්වීමද ජාවාරමක් බවත් එයට ආණ්ඩුවේ නිළධාරියෙකුගේ ඥාති සහෝදරයෙක් සම්බන්ද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි.

ගාල්ලේ  පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවෙත අදහස් පළකරමින් ඔහු මෙලෙස.

“දැන් මේ චිනයෙන් ගෙනාපු පොහොර නැව පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ නිලධාරියකුගේ ඥාති සහෝදරයෙක්. කාබනික පොහොර කියලා චිනයෙන් ගෙන්වපු මේ පොහොර නැව රටට ඉතාම අහිතකර බව මේ රටේ පර්යේෂනාගාරවලින් ඔප්පු වෙලා තියද්දි තමයි නැවතත් ඒ පොහොර නැව බලහත්කාරයෙන් අපිට ගොඩබාන්න එන්නේ.

වසංගතය ජාවාරමක් කරගත්තා රටට ආහාර, ඖෂධ ගෙන්විම ජාවාරමක් කරගත්තා. අපේ  රටේ භෝග පස විනාශ කරන පොහොර ගෙන්විමට එරෙහිව මේ රටේ ජනතාව නැගි ඉන්න ඕනේ. ඊනියා කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂිකර්මාන්තය කඩාගෙන වැටලා. වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය තමයි මේකට බලපා තියන්නේ”. යැයි ඔහු පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here