Saturday, September 21, 2024

පොහොර ප්‍රශ්නය ගැන කතා නොකර ගමට එන්න එපා – විරෝධතාකරුවන් ඇමති CB ගමෙන් පන්නා දමති

පොහොර ප්‍රශ්නය ගැන කතා නොකර ගමට එන්න එපා යැයි ගම්වාසීන් විරෝධතාවයක දීම නිසා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඊයේ නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබේ.

අමාත්‍යවරයා උත්සවයට සහභාගී වන මාර්ගයේ ජනතාව විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදී සිට ඇත.

ඒ හේතුවෙන් අමාත්‍යවරයා එම උත්සවයට නොගොස් නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියේය.

‘අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්න ගියාම ඒ තුලින් අනවශ්‍ය භාණ්ඩ හිගයක් මවා පාන්න උත්සහ කරා. භාණ්ඩ වල බද්ද අඩු කරලා ඕනි කෙනෙක්ට ගෙන්න අවස්තාව ලබාදිලා තියෙනවා, එතකොට භාණ්ඩ මිල අඩු කර ගන්න පුළුවන්.

පොහොර උද්ඝෝෂණය කලානුරුපිව ජනතාවට දැනුන දෙයක් කියලා අපිට තේරෙනවා, වස විස නැති ආහාර ලබාදෙන්න අපි ප්‍රබල උත්සහයක නිරත වෙනවා.

මේ වන විට රජරට ගොවින් කුඹුරු අස්වද්දන්න පටන්ගෙන තියෙනවා, විපක්ෂය උත්සහ කරනවා මේ තුලින් නැගි සිටිමකට.

නුවරඑලිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයේ පිටුපස ඉන්නේ කවුද සමගි ජන බලවේගයේ සංවිධායක යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් නේද?

පකිස්තාන රජය වැටිලා තියෙනකොට ඉම්රාන් කාන් මොකද කරේ? ලෝකයේ ඉහල ඉල්ලුමක් තියෙන ආයෝජකයෝ ගෙනල්ලා ඒ සදහා පකිස්ථානු ආර්ථිකය විවෘත කලා.

ඉහල පෙලේ නිෂ්පාදන සිදු කරන තැනක් බවට පත් කරා , ඒක විකිණිමක් නෙවෙයිනේ?

අපිටත් ඕනි 21 සියවසට ගැලපෙන පරිදි අයෝජකයන්ට අර්ථිකය විවෘත කරලා රටේ ආර්ථිකය ගොඩ ගන්න.

“අපිට 69 ලක්ෂයක් ජන්දය දුන්නා , විපක්ෂයට 50 ලක්ෂයක් දුන්නා , ඒ අතරින් පන්දහසක් පමණ කතා කලා කියලා ඔහුන්ගේ නැගි සිටිමක් අපිට පෙන්නේ නැ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles