පොහොර ප‍්‍රශ්නය නිසා මාත් බයෙන් ඉන්නේ

0
324

ඇති වී තිබෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් තමන් ද බියට පත්වී සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

තමන් ද ගොවි ප්‍රදේශයක් නියෝජනය කරන්නෙකු බවත් තමන්ටද කුඹුරු ඉඩම් ඇති බවත් පැවසූ ඔහු දැනට අසන්නට ලැබෙන පුවත් නිසා තමන්ද චකිතයකින් සිටිනා බවත් පැවසීය.

කෙසේ වෙතත් මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා වගකීමෙන් පැවසූ නිසා ඒ විශ්වාසය මත තමන් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමරවීර මහතා මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here