“පොහොර බාර ගන්න බෑ’’: අගමැතිත් චීන තානාපතිට කියයි

0
353

කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ.

චීන තානාපති  වී. ශෙන්හොන් මහතා ඊයේ 28 පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තම රට ඉල්ලා ඇති නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් අප බාර ගැනීමට සූදානම් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙරට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් භාර ගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා විසින් චීන තානාපතිවරයාට දන්වා ඇති බවයි.

මෙම කරුණු ඉදිරිපත් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here