Saturday, January 18, 2025

පොහොර වන්දිය ගෙවිය යුත්තේ මහින්දානන්ද, ශෂීන්ද්‍ර සහ පොහොර සංස්ථාවෙි සභාපතිවරු දෙන්නා මිසක් ජනතාව නෙවෙයි – අනුර

චීනයේ සිට සාම්පල් පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ගෙන්වීම නියෝග කරනු ලැබූවන් සහ ණයවර ලිපි විවෘත කරනු ලැබූවන් විසින්ම එහි වන්දි මුදල් ගෙවිය යුතු බවත් ජනතා බදු මුදල් ඒ සඳහා යෙදවීමට ඉඩ ලබා නොදිය යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ජාතික ජන බලවේගය විසින් අද (16) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම ප්‍රශ්නගත පොහොර ගෙන්වීමේ වන්දි ගෙවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ රටේ ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනය විසින් සකස් කරන ලද ප්‍රමිතීන් තියනවා එහිදි අපි මෙතෙක් ආනයනය නොකරන ලද භාණ්ඩයක් ආනයනය කරනවානම් ඒවාට අපි නව ප්‍රමිතීන් හදනවා. එතකොට මේ කාබනික පොහොර ආනයනය අපේ රටට අලුත් දෙයක් ඒ නිසා නව ප්‍රමිතීන් හැදුවා. ඒ වගේම අපේ රටට කාබනික ද්‍රව්‍ය ආනයනය කරනවානම් අපේ ශාක ආරක්ෂණ පණතට යටත්. එහෙනම් අපි ණයවර ලිපි විවෘත කරන්න කලින් මෙහි සාම්පල් පරික්ෂා කල යුතුව තිබුණා. ඒ නිසා මෙතන ගැටලුව තියෙන්නේ මෙතන සාම්පල් පරික්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කළේ කවුද ? ඒකට නියෝග දුන්නේ කවුද? ඒකට කඩිමුඩිය තිබ්බේ කාටද? ඒකයි වැදගත්.

ණයවර ලිපියක් නිකුත් කරනවා කියන්නේ ගනුදෙනුවේ අවසන් සම්මුතිය. මහජන බැංකුව එකඟ වෙනවා ක්වින්ඩාඕ සමාගම නියෝජනය කරන බැංකුවට ඕගොල්ලෝ බඩු එවන්න වරායට බඩු ආවාට පස්සේ අපි සල්ලි දෙන්නම් කියලා. ඒ සම්මුතියට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා පොහොර ගත්තත් නැතත් සල්ලි ගෙවන්න ඕන. මේකට අධිකරණ නියෝගයක් ඕන නෑ. අධිකරණයෙන් බැංකුවට කිව්වා සල්ලි ගෙවන්න එපා කියලා. එහෙම නැතිනම් නිකම්ම සල්ලි ගෙවන්න වෙනවා.

ඒ නිසා මේක කිසිසේත්ම මහජනයාගේ බදු මුදල් වලින් මහජනයාට බරක් පැටවෙන විදියට නොගෙවිට යුතු මුදලක්. මොකද මෙරට කිසිදු පුරවැසියෙක් මේ ගනුදෙනුවට හවුල් නෑ. මේ ගනුදෙනුවට හවුල් මහින්දානන්ද අලුත්ගමගේ, ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්නා. මේ හතර දෙනාම දේශපාලකයෝ. මේ ගනුදෙනුවට අපිවත් මේ රටේ පුරවැසියෝවත් හවුල් නෑ.ඒ නිසා මේ රටේ පුරවැසියන්ගේ, මහජනයාගේ ධනයෙන් මේ වන්දිය ගෙවන්න කිසිසේත්ම යුක්ති සහගත අයිතියක් නෑ. ඒ නිසා මේ වන්දිය ගෙවිය යුතු වන්නේ මේ වන්දි ගෙවීමේ අපරාධය කරන ලද මහින්දානන්ද අලුත්ගමගේත්, ශෂේන්ද්‍ර රාජපක්ෂත් පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්නාත්. ඒ නිසා මේ රටේ කිසිදු පුරවැසියෙක් තමන්ගේ බදු මුදල් මේ වංචාව වෙනුවෙන් හිලව් කිරීමට ඉඩ නොදිය යුතුයි.ඒ ගොල්ලෝ හොරකම් කරනවා. ඒ ගොල්ලෝ වංචා කරනවා. ජනතාව පිට බර පටවනවා. මේක කරන්න බෑ හැමදාම.” යනුවෙන් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles