Monday, September 23, 2024

පොහොර සහනාධාර අවශ්‍යනම් ඔක්තෝබර් 31 ට පෙර අයදුම්කරන්න.

2016 වසර සඳහා පොහොර සහනාධාර ලබාගැනීමට අපේක්ෂා කරන වගාකරුවන් ඔක්තෝබර් මස 31 වැනිදාට පෙර ඒ සඳහා අයඳුම් කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

තේ, රබර් සහ පොල් යන වැවිලි ක්ෂේත්‍ර වල වගාකළ ඉඩම් හෙක්ටයාරයකට වාර්ෂිකව රජය මගින්  මූල්‍ය සහනාධාර ලබාදෙන බව වාර්තා වෙයි.

හෙක්ටයාරයක් වෙනුවෙන් තේ වගාව සඳහා රුපියල් 15,000ක් ද, පොල් වගාව සඳහා රුපියල් 9000ක් ද, රබර් වගාව සඳහා රුපියල් 5000ක් ද ලබාදීමට නියමිතය.

හෙක්ටයාරයකට හෝ ඊට අඩු වගාබිම් හිමි තේ, රබර්, පොල් වගාකරුවන්ට ද වාර්ෂිකව වගා කළ ඉඩම් ප්‍රමාණයට සමානුපාතික වන පරිදි මූල්‍ය සහනාධාරයට හිමිකම් ලැබීමේ අවස්ථාව ලැබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ අනුව පොහොර සනාධාර ලබාගැනීමට අපේක්ෂා කරන වගාකරුවන් ඊට අදාළ අයඳුම්පත් අමාත්‍යංශයට අයත් ප්‍රාදේශීය කාර්යාල මගින් ලබාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අමතරව තේ පරීක්ෂක ව්‍යාපෘති නිලධාරීන්, රබර් සංවර්ධන නිලධාරීන්, පොල් සංවර්ධන නිලධාරීන් සහ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන් මාර්ගයෙන් ද අයඳුම්පත් ලබාගත හැකිය.

එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන, තුරු සවිය හා  කප්රුක යන සමිති හරහා ද අයඳුම්පත් ලබාගැනීමේ පහසුකම් සළසා ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අයදුම්පත් සළකා බැලීමෙන් අනතුරුව සහනාධාර ලැබීමට සුදුසුකම් ලබන සියලුම වගාකරුවන්ගේ බැංකු ගිණුම් වෙත එම මූල්‍යාධාර බැර කිරීමට කටයුතු කරන බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles