පොහොර 10000/-ට බහිද්දි පාන් 170/-ට නගී!

0
761

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ අනුව අච්චු පාන් ගෙඩියක මිල රුපියල් 160-170ත් අතරත් තැටි පාන් ගෙඩියක මිල රුපියල් 150-160 අතර වෙතැයි ගණන් බලා ඇත.

ඒ අතර රසායනික පොහොර මිටියක් රුපියල් දස දහසක සහන මිලකට ගොවියාට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව තීරණය කර තිබෙනවා.

පොහොර ගැටලුව පිළිබඳ සොයා බැලීම සඳහා පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.

මෙම කමිටුවේ වලංගුතාව ගැන පසුගියදා රාජ්‍ය පරිපාලන සේවය සිය කනගාටුව පළකර සිටි වගද සඳහන්.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here